නිසඳැස්

අව්වට ගිනියම් වූ
බොරළු පාරක් දිගේ
ඉදිරියට යායුතු
නැවතිය නොහැකි
මග තොට බහුලව
කඳු පර්වත හමුවන
ඇතැම් විට ප්‍රපාත ද
විෂඝෝර සර්පයන්ද ගැවසෙන
කටුපඳුරු මැද
කලාතුරකින්
සිත්කළු සතුන් ද සිටින
රමණීය වනරොදවල්ද හමුවන
සදාකාලික නවාතැන තෙක්
පියමං කළ යුතු
උපතත් මරණයත් අතර
විහිදී ඇති අපූරු
චාරිකාවකි
ජීවිතය....

සිය දහසකගේ නෙතට දින ගණන් හමුවන
ඇරඹෙන දිනය සමඟම පාසල ජීවිතයම කරගනිමින්
පොත් ගණනක පාඩම් වරු ගණන් උගන්වමින්
දහසක් මල් කැකුළු පුබුදුවා විකසිත කරලීමට
දිව රෑ නොබලා වෙහෙස වන නුඹ අපට
ඝනඳුර මැද දිලෙන පහනයි ...
සීත මිහිඳුම් අතරේ ගලා යන දොළ පහරයි ...
පාසල් මවගේ ගෞරවය රකිනා ගුරු තරුවයි ...
සැඳෑ අඳුර තුළ පීඩා විඳිමින් සිටි ...
ලෝකයේ රස නොදුටු මල් කැකුළු වලට ...
හිරු එළියක්ව මග ආලෝකමත් කර දී ...
ඔවුන් වෙනුවෙන්ම කැප වන අපගේ ගුරුපියාණනි ...
මේ සරල ඇගයීම නුඹටයි ...

ජීවිතයේ අනාගතය
සෙනෙහසින් යාකර
අධ්‍යාපනයේ මංපෙත්
දයාවෙන් විවර කර
දිවා රෑ නොබලමින්
නිදි නොලැබ වෙහෙසමින්
බාධක කම්කටොළු අභියස
නොසැලෙමින් එකලෙස
තේජසින් බබළමින්
එඩිතරව නොබියව
නේක විධ ධජයන් අතරින්
කඩු දුනු රැසක් අභියස
ලෝදිය හී පහර මැද
ගල්මුල් පහර වැද
යුධයේ නැගෙන හස්තියකු විලසින්
පවුරු ප්‍රාකාර බිඳ
සාර්ථකත්වයේ සිංහාසනය මත
හිඳුවා
සුභ කිරුළු පලන්දයි
පිය රජුන් මට

හදවතේ නවාතැන වූ
ඒ මහා සොඳුරු ඉසව්ව
අප කාටත් සුන්දර වූ
පේරාදෙණිය මැදි විදුහල


සත් වසරක් අධ්‍යාපනය ලැබූ
ගුණධර්ම වටහා දුන්
අපට තවත් මව් භූමියක් වූ
පේරාදෙණිය මැදි විදුහල


ඔබගෙන් ඉගෙන ගත් ශිල්ප
මුළු ජීවිතයට ම වටිනා අත්වැලක් විය
ජීවිතයේ සොඳුරු අවස්ථා වලදී
සිහිවූ
හදවතේ නවාතැන


දෙවසරකින් නික්මයාමට
සිදුවුනත් අපහට
කිසිදා අමතක නොකරන
හදවතේ නවාතැන
පේරාදෙණිය මැදි විදුහල

උණුසුම් පුවත්

සිරස්තල

Newsletter

Tag Cloud

අද පාසල

ඉතිහාසය

බෞද්ධ සිද්ධස්ථාන

ඉංග්‍රීසි

No result...

චිත්‍ර

සංගීතය

No result...

නැටුම්

No result...

කෙටි කතා

ගද්‍ය නිර්මාණ

No result...

තාක්ෂණවේදය

පරිඝනක

No result...

නිසඳැස්

ක්‍රීඩා