ඕනෑම ශ්‍රේණියක් සඳහා, ඕනෑම විෂයක ඉගැන්වීමට අදාලව වීඩියෝ පාඩම්, නිබන්ධන, ප්‍රශ්න පත්‍ර, පරිඝණක ක්‍රීඩා, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා, පෙළපොත විවරණ ආදී වූ ඕනෑම දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව ඔබ සතුනම් ඔබටත් පාසල සමඟ සම්බන්ධවී එම නිර්මාණ හරහා ආදායම් ලබා ගැනීමට හැක. අපගේ facebook පි‍ටුව හරහා ඉල්ලුම් කරන්න.

 

https://www.facebook.com/pasala.lk

 

නිවසේ සිටම වර්ගඵලය පාඩම ඉතාමත් විනෝදාත්මක ආකාරයට දරුවන්ට තනිවම ඉගෙන ගැනීමට මහඟු අවස්ථාවක් !!!
පාසල.lk සහ කොලරාඩෝ විශ්ව විද්‍යාලය එක්ව ශ්‍රී ලාංකීය සිසුන්ට නිවසේ සිටම ඉගෙන ගැනීමට හැකි වන පරිදි නිර්මාණය කරන ලද පරිගණක ආශ්‍රිත පාඩම් සහ ක්‍රියාකාරකම් මාලාව. මේ හරහා වර්ගඵලය පාඩමට අදාල සියලූම විෂය කරුණු දරුවාට ග්‍රහණය කරගත හැකි වන පරිදි දරුවා මෙහෙයවනු ලැබේ.

ශ්‍රී ලාංකීය දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය නිවසේ සිටම නොමිලේ සිංහලෙන්ම ලබා ගැනීමට එකතු වන්න.

https://pasala.org.lk/site1/mod/page/view.php?id=21

 

https://youtu.be/ZpVIDMuB8FM

මෘදුකාංග භාවිතයෙන් බැනර් නිර්මාණය කරන ආකාරය ඉගෙන ගනිමු.

 

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ හත්වන කොටස. 

 

   මිනිසෙකුගේ හැඩය ගත්, අත්තටු ඇති ඉතා විශාල කුරුල්ලෙක් ගැහැනියක විලාප නගන්නාක් වැනි ශබ්දයකින් කෑගසමින්, අප ආසන්නයෙන්ම පියඹා ගියේය.එය දුටු මට මගේ පණ නැතිවී යන්නාක් වැනි හැඟීමක් ඇති විණි. එම සත්වයාට තිබුණේ දරුණු විලෝපිකයෙකුගේ පෙනුමය.බෙහෙතකටවත් මිනිස් වාසයක් ඇස නොගැටුණු මේ වනාන්තරයේ මෙසේ විපරීත වූ අරුම පුදුම ජීවින් සිටීම බරපතළ කරුණක් නොවේය යන හැඟීම ද විටෙක මට ඇතිවිය. වේගයෙන් පියඹා ගිය පක්ෂියා අසල ඇති ගසක වැසුවේය. බියවී සිටි අපි සැවොම තවත් ගසකට මුවා වී ඒ දෙස බලා සිටියෙමු. වනයේ ඔබ මොබ විහිදී ඇති ගස්වල අතුපතර සහ වැල් ඇතුලු වෘක්ෂ ලතාදිය නිසා අපට එම සත්වයාව හොඳින් දර්ශනය නොවුණි.ඌ යමක් කරන්නාක් වැනි දෙයක් යාන්තමින් පෙනුණු බව කිවයුතුමය.පැහැදිලිව පෙනුනේ උගේ පාද යුගල පමණක් වීම අවාසනාවකට කරුණක් විය.මිනිස් පාදයකට බෙහෙවින්ම සමානකම් දැක්වූ ඒ පාද යුගලේ පැහැදිලි ලෙස වෙනස්කමක් මාහට දක්නට ලැබුණි.එනම් එක් පාදයක මිනිසෙකු විසින් කරන ලද්දකැයි කිවහැකි පරිදි නිමවන ලද රත්‍රන් වැනි මුදුවක් දක්නට ලැබීමයි.

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ හයවන කොටස. 

 

සුදාර අයියා අපව යක්ෂ දූවට ඇරලවීය.විශාල කඳන් සහිත රූස්ස ගස් වලින් හෙබි යක්ෂ දූව මනරම් හා සිත්කළු විය. කිසිදා නොදුටු පුෂ්පයන්ගෙන් වැසී ගිය හා ඇතැම්විට දිය ඇළි ද දක්නට ලැබෙන එම දූපත සැබැවින් ම රමණීය පාරාදීසයක් විය.හදිසියේම නෙත ගැටුනු දර්ශනයකින් අප මහත් සන්තෘප්තියට පැමිණියෙමු.ඒ කැළෑව මැද්දෙන් වූ විශාල වක්‍රාකාර පොකුණකි. නිල්වන් දියෙන් පිරී ඉතිරී ගිය එහි විවිධ වර්ගයේ විචිත්‍රවත් වර්ණ වලින් හෙබි විශාල,කුඩා මසුන් ඔබමොබ පීනමින් සිටිනා අයුරු දුටු විට ගතේ සිතේ ඇති සියලු පීඩාවන් දුරුව යයි.
නිලට නිලේ දිලෙනා රූස්ස ගස් සුළඟට වැනෙන්නේ සුළඟ නම් මියුරු ගීත රාවයට නැළවෙන්නාක් මෙනි. ඇතැම්විටෙක පොකුණේ එහා කෙළවරට දිය බීමට එන මුව පොව්වන් දුටුවිට සිතට දැනෙන්නා වූ හැඟීම කියා ගත නොහැක. පලතුරු කෑමට එන ගිරවුන්ගේ සහ අනිත් කුරුල්ලන්ගේ ගීත නාදය සවනට එක් කරන්නේ අමුතුම ඝනයේ මිහිරියාවකි. පොකුණේ එහා කෙළවරට දිය බීම සඳහා එන දිවියන්ගෙන්ද , දුටුවිට සලිත වී යන කැන්ද කොළයක තරම් ඇති පෙණය පුම්බාගත් නාගරාජයින්ගෙන්ද අඩුවක් නොවූ ඒ දූපත දෙස බලන ඕනෑම අයෙකුට ඒ දූපත දිගුකලක සිට මිනිස් වාසයෙන් තොර වූවක් බව බැලූ බැල්මෙන්ම වටහාගත හැක.මෙසේ සුව විඳිමින් සිටි අපව තවත් සිනාවට ලක් කරමින් ශාන්ගේ කකුලේ මහපට ඇඟිල්ල ඉලක්ක කරගනිමින් ගිරවෙක් වර්චස් පිඩක් හෙළුවේය.
"ඊයියා" කියමින් කණ්ඩායමේ කෙල්ලන් දෙදෙනා ශාන්ට සමච්චල් කර හිනැහෙන්නට විය. තරහින් පුපුරමින් උන් ශාන් "මං ඔය ගිරවට කරනව හොඳ වැඩක්" කියමින් අහස දෙස බැලුවේය. ඒත් සමඟම සිදු වූ දෙයින් අපි භීතියෙන් ඇළලී ගියෙමු.

දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් රචනා කරනු ලබන කුතුහලය සොයා යාම කෘතියේ පස්වන කොටස.

 

 

 පෙරදා පරිදිම එදා ද එසේ ම විය.මා අවදි කරනු ලැබූයේ චාරිකාවට සූදානම් වූ මාගේ මිතුරන් විසිනි. වැදගත් දිනයේ ද සුපුරුදු පරිදි මා ප්‍රමාද වී තිබේ. "නැගිටිනවා නිදිකුම්බරයො.අන්න සුදාර අයියා වෑන් එකත් අරගෙන ඇවිල්ල." යාන්තමට මෙන් මට දිල්හාරා ගේ කටහඬ සවනත වැකුණි. ඒ සමගම සීතල යමක් මගේ කම්මුල හරහා ඇදී යනවා සේ දැනුණි.ඒ මොහොතේ නම් සැබෑවටම මා ඇහැරුණි. එම සීතල දෙය කුමක්දැයි බැලූවිට මට දක්නට ලැබුනේ ෆීඩෝගේ දිවයි.බැනුම් කෝටියක් මැද මමද ගමනට ලැහැස්ති වීමි. පසඟ පිහිටුවා අම්මාට හා තාත්තාට වැන්ද විට ඔවුන් කීවේ "පුතේ උඹ උපරිමයෙන් සතුටු වෙයන්. හැබැයි පරිස්සමින්" යන්නයි. මා මවිත කරමින් සැමදා මා සමග රණ්ඩු දබර කරන නැගණිය දණ ගසා, මගේ දෙපතුල් අල්ලා මාහට වැන්දාය. ඇයට දැන් වයස 11කි. එම දර්ශනය දුටු මගේ දෙමාපියන්ට ද සිනා පහළ විය. අපි ගමන පිටත් වූයෙමු.සුදාර අයියා පැවසුවේ අද අපි නවතින්නේ යක්ෂ දූව අසල ඇති ගම්මානයක තිබෙන ගොවිපලක අයිතිකරුවා වන බර්නාඩ් නම් පුද්ගලයෙකුගේ බංගලාවේ බවයි. පසුදින ඔහු අපව යක්ෂ දූව අසලින් බස්සවා නැවත බර්නාඩ් නම් පුද්ගලයාගේ ගොවිපල බලා යන බවත් ඔහු තවදුරටත් අපට කියා සිටියේය.බර්නාඩ් යන නම ඇසුණු විට සිතට යම් තරමක නුහුරු කමක් මුසු වූ බයක් වැනි හැඟීමක් දැනුනත් ඔහු දුටු විට එම හැඟීම සහමුලින්ම වියැකී ගියේය. වයසක පුද්ගලයකු වුවත් ඔහු ඉතාමත් ප්‍රසන්න,කඩවසම් හා ප්‍රීතිමත් පුද්ගලයෙක් විය. එදින අප ගත කළේ ඔහුගේ ගොවිපොළේ වැඩුණු ස්වභාවික එළවළු හා පළතුරු සප්පායම් වීමෙනි. ඒ අතරතුර ඔහු අපට රාක්ෂ දූව ගැන රස කතා කීපයක්ම කියාදුණි. පුදුමයකට මෙන් පසුදින මා කාටත් ප්‍රථමයෙන් ඇහැරුණි. බර්නාඩ් සීයාගේ රසවත් උදෑසන ආහාරය ලබාගත් අපි ඉක්මනින් ලෑස්ති වූයෙමු.


ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි වාරණ රජ මහා විහාරය පිළිබඳව සිදුකෙරෙනා රූප කාව්‍යය.

 

 

 

ළදරු නිරීක්ෂකයින්ගේ වඩාත් විශ්වාසදායක නාමවලින් එකක් වන්නේ ඇන්ජල්කෙයාර් ය. එහි නව ළදරු හුස්ම ගැනීමේ මොනිටරය (ආකෘතිය AC337) අවධාරනය කරන්නේ එය ඔබේ දරුවාගේ නින්දේ තත්ත්වය පිළිබඳ විශ්වාසදායක, තත්‍ය කාලීන ප්‍රතිපෝෂණයක් සපයන අතර, අලුත උපන් දරුවන්ගේ දෙමව්පියන්ට පවා එය  ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීමට පහසුය බවයි..

AC337 හි සංරචක තුනක් ඇත: අතින් ගෙන යා හැකි මොනිටරයක්, කැමරාවක් සහ හුස්ම ගැනීමේ සංවේදක පෑඩ්.

රන්වන් පියාපත් විහිදා නිල්   ගුව                    නේ
මන් මත් කරන සේයාවන් ඇඳ   ගුව                  නේ
සියතුන් කරන ගී නද වැකුනම   සව                  නේ
පුදුමයි නොසිතුනොත් ඉගිලෙන්නට  ගුව          නේ

දිය ඇලි ගලා සුන්දර සිතුවිලි              මවන 

දිය බිඳු හැපී ගල්වල පිනවයි                සවන
හිරු රැස් වලින් නැහැවෙයි ගස් වල     මුදුන
හිමිදිරි උදයේ බබළයි සමනොළ           මුදුන

 

ඇසෙයි දසතින් ගී සියොතුන්              ගයන 

පෙනෙයි මොනරුන් පිල් විදහා           නටන
අගෙයි මින් රළ ගංතෙර තුළ              නටන
මැවෙයි දෙව්ලොව දුටුවිට සිරිලක්       අඟන

 

පිනි බිඳු වැටී දිලිසී මනහර                      මවන
පෙනෙයි මුතු කැට සේ දිලිහී දිස්නය       මවන
යන එන දනන් සැම විට තම නෙත්         යොමන
හිමිදිරි කෙතයි මෙහි සැම සාගිනි           නිවන

 

මුහුණට වැටේ හිරු ගේ හිමිදිරි       කිරණ 

ඈතින් පෙනේ සියතුන් ගුවනේ       සරන
අල්ලා ගතිමි හැගුමක් සිත තුල       සරන
හෙළ ලක් දිවයි සුන්දරකම රජ       කරන

 

 

අව්වට ගිනියම් වූ
බොරළු පාරක් දිගේ
ඉදිරියට යායුතු
නැවතිය නොහැකි
මග තොට බහුලව
කඳු පර්වත හමුවන
ඇතැම් විට ප්‍රපාත ද
විෂඝෝර සර්පයන්ද ගැවසෙන
කටුපඳුරු මැද
කලාතුරකින්
සිත්කළු සතුන් ද සිටින
රමණීය වනරොදවල්ද හමුවන
සදාකාලික නවාතැන තෙක්
පියමං කළ යුතු
උපතත් මරණයත් අතර
විහිදී ඇති අපූරු
චාරිකාවකි
ජීවිතය....

සිය දහසකගේ නෙතට දින ගණන් හමුවන
ඇරඹෙන දිනය සමඟම පාසල ජීවිතයම කරගනිමින්
පොත් ගණනක පාඩම් වරු ගණන් උගන්වමින්
දහසක් මල් කැකුළු පුබුදුවා විකසිත කරලීමට
දිව රෑ නොබලා වෙහෙස වන නුඹ අපට
ඝනඳුර මැද දිලෙන පහනයි ...
සීත මිහිඳුම් අතරේ ගලා යන දොළ පහරයි ...
පාසල් මවගේ ගෞරවය රකිනා ගුරු තරුවයි ...
සැඳෑ අඳුර තුළ පීඩා විඳිමින් සිටි ...
ලෝකයේ රස නොදුටු මල් කැකුළු වලට ...
හිරු එළියක්ව මග ආලෝකමත් කර දී ...
ඔවුන් වෙනුවෙන්ම කැප වන අපගේ ගුරුපියාණනි ...
මේ සරල ඇගයීම නුඹටයි ...

ජීවිතයේ අනාගතය
සෙනෙහසින් යාකර
අධ්‍යාපනයේ මංපෙත්
දයාවෙන් විවර කර
දිවා රෑ නොබලමින්
නිදි නොලැබ වෙහෙසමින්
බාධක කම්කටොළු අභියස
නොසැලෙමින් එකලෙස
තේජසින් බබළමින්
එඩිතරව නොබියව
නේක විධ ධජයන් අතරින්
කඩු දුනු රැසක් අභියස
ලෝදිය හී පහර මැද
ගල්මුල් පහර වැද
යුධයේ නැගෙන හස්තියකු විලසින්
පවුරු ප්‍රාකාර බිඳ
සාර්ථකත්වයේ සිංහාසනය මත
හිඳුවා
සුභ කිරුළු පලන්දයි
පිය රජුන් මට

උණුසුම් පුවත්

සිරස්තල

Newsletter

Tag Cloud

අද පාසල

ඉතිහාසය

බෞද්ධ සිද්ධස්ථාන

ඉංග්‍රීසි

No result...

චිත්‍ර

සංගීතය

No result...

නැටුම්

No result...

කෙටි කතා

ගද්‍ය නිර්මාණ

No result...

තාක්ෂණවේදය

පරිඝනක

No result...

නිසඳැස්

ක්‍රීඩා